ආක්රමණික ශාක ඇතුලු පරිසරයට ප්‍රයෝජනවත් නොවන ශාක ඉවත් කර වන අලීන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීමේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පුත්තලම, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් දින 3ක් පුරා පැවති වැඩසටහනේ අවසන් දිනයට ඊයේ එක්වෙමින්.
අලි වැටෙන් ඔබ්බට ස්ථිර විසදුම් ක්‍රියාවලිය මැයෙන් පැවති මෙම වැඩසටහනේදී තබ්බෝව වැව් තාවුල්ල ආශ්රිත ප්‍රදේශ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.
මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැව් සීමාව සලකුණු කිරීම ද සිදුකරනු ලැබුවා.
දිවයින පුරා වැව් 23ක් සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක මහා වාරි වැඩසටහනේ කොටසක් ලෙසයි මෙම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ.