ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතිඥයෙකුට පහර දුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
නීතිඥවරයෙකු පොලිස් නිලධාරියෙකුගේ පහර දීමට ලක් වීම දැඩි සේ හෙළා දකින අතර, ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පොලීසිය මෙලෙස බලය පාවිච්චි කිරීම පිළිබඳ විරුද්ධ වන බවද එම සංගමය පෙන්වා දෙනවා.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්, මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට වග බලා ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.