මේ වසර අවසන් වීමට පෙර වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලෙස, රු. 1,750 ක මුදල, මෙම වසර අවසන් වීමට ප්‍රථම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට වතු කම්කරු ජනතාව, ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවයි බණ්ඩාරවෙල පැවති නිවාස හිමිකම් පත් 2,000 ක් ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සහ සැපවත් ජීවිතයක් ලබාදීමේ වගකීම රජයට ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.