තම පුතා සමග ආරවුලකට මැදිහත් වූ සැකකාර පියෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනි අවියක් තබාගෙන සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී තිබෙන අතර ඒ අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා පිස්තෝලය ද සමග අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලිසිය සමත් වුණා.
සැකකරු මීට වසර 35කට පමණ ඉහතදී සිය පවුල අතහැර වෙනත් කාන්තාවක් සමග පදිංචියට ගොස් ඇති බව පැවසෙනවා.
ඒ වන විට ඔහුගේ පුතු ළදරු වියේ පසුව තිබෙන අතර නැවත වරක් ඔහු මෙම පුතා ඇතුලු පවුලේ අය සමග සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.
ඊට පුත්‍රයා (41) අකමැති වී තිබෙන අතර පියා (63) අතර බහින්බස් වීමක් ඇතිව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
ඒ අතරතුර සැකකරු සතුව තිබූ ගල්කටස් අවියක පතුරමක් බිම වැටී තිබෙනවා.
එය දුටු අසල්වැසියකු ඒ බව පොලිසියට දන්වා තිබෙන අතර වහා මැදිහත් වූ පොලීසිය විසින් සැකකරු සමග අදාළ ගිනිඅවියද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවිය මීට වසර 15කට පමණ කලින් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අයෙක් විසින් ඔහුට ලබා දුන් එකක් බවයි සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
සැකකරු සහ ගිනිඅවිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.