දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු මැද, මධ්‍යම, ඌව පළාත් සහ මාතර, හම්බන්තොට, අම්පාර, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවල මෙලෙස වැසි සමග අකුණු ඇති විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.