මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (12) චීනයේ බීජිං වෙත ළඟා වුණා.
චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පිළිගනු ලැබුවා.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක් වුණා.
යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත එකතුවක් වන අතර, චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන චීන මහා ප්‍රාකාරය, චීනයේ සංරක්ෂිත සංකේතයක් වෙනවා.
ඉදිරි දිනවලදී, අග්‍රාමාත්‍යවරිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වන අතර, චීන ජනාධිපති Xi Jinping සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් නියමිතයි.