ඇමැති බිමල්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහා මාර්ග ,නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්න ඉල්ලා අස්වී තිබෙනවා.

මීට දින පහකට පමණ පෙර සුරංග ලක්මාල් සෙනවිරත්න ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර ඒ අවස්ථාවේදී බිමල් රත්නායක අමාත්‍යවරයා කටයුතු කළේ ප්‍රවාහන ,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයේයි.

නමුත් ඉන් අනතුරුව කැබිනට් සංශෝධනය ඊයේ දින (10) සිදුවීමත් සමඟම බිමල් රත්නායකට හිමිවී තිබෙන්නේ ප්‍රවාහන ,මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයයි.

මීට පෙරද බිමල් රත්නායක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයකම ප්‍රධානීන් ඉල්ලා අස්වී තිබෙනවා.