ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 191 වැනි ස්ථානය දක්වා ඉදිරියට

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව, පසුගියදා ටර්ක්මේන්ස්තානය ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර 06 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකියාව ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රි ලංකාව මේ වන විට ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජය නිසා ටර්ක්මේන්ස්තානය 143 වන ස්ථානය දක්වා, පියවර 05 කින් පහළට වැටී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් කිරීම‍ට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ටර්ක්මේන්ස්තානයට එරෙහිව ශ්‍රි ලංකාව වාර්තා කළ පළමු පාපන්දු ජයග්‍රහණය ලෙසින් ද මෙය වාර්තා අතරට එක්වුණා.