නීතීඥවරයාට පහරදුන් කොස්තාපල් රිමාන්ඩ්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා.

අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා සහ මෙම පොලිස් නිලධාරියා අතර බහින් බස්වීමක් සිදුව තිබුණා.

ඒ, මෙම නීතිඥවරයා පැමිණි මෝටර් රථය අධිකරණ භූමියේ නවතා තිබීම හේතුවෙන් බන්ධනාගාර බස් රථය පිටතට ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

එම බහින්බස් වීම දුරදිග යාමෙන් පොලිස් කොස්තාපල්වරයා මෙම පහරදීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදාළ නීතිඥවරයා විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව ගල්කිස්ස පොලිසිය විසින් අධිකරණ භූමියේ සිටි සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.