ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහන සඳහා NBQSA සම්මාන දෙකක්

ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහනට කීර්තිමත් ජාතික හොඳම ගුණාත්මක මෘදුකාංග සම්මාන උළලේ (NBQSA) සම්මාන දෙකක් දිනා ගැනීමට හැකි වී තිබෙයි.

මෙම වසරේ පෙබරවාරි 07 වන දින සිට සාර්ථකව ක්‍රියාත්මක වන ජනාධිපති අරමුදලේ  පුරවැසි සේවාවන් සඳහා  සකස් කළ නව ඩිජිටල් පද්ධතිය ලෙස මෙලෙස සම්මානයට පාත්‍රවිය.

මෙම වැදගත් ජාතික මට්ටමේ ඇගයීම් උත්සවයේදී ජනාධිපති අරමුදල සඳහා

  1. පුරවැසි සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය (ලෝකඩ සම්මානය)
  2. රාජ්‍ය අංශයේ හොඳම ඇගයීමේ සම්මානය

යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය.

මෙම ද්විත්ව සම්මාන මඟින් නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් මහජනතාවට කාර්යක්ෂම හා විනිවිද පෙනෙන සේවාවක් සැපයීම සඳහා ජනාධිපති අරමුදල ගෙන ඇති පියවර ජාතික වශයෙන් ඇගයීමට ලක් කෙරිණි.

විශේෂයෙන් රාජ්‍ය අංශයේ හොඳම ඇගයීමේ සම්මානය දිනා ගැනීම, අනෙකුත් රාජ්‍ය ආයතනවලට ඩිජිටල්කරණයේ සාර්ථකත්වය සහ වැදගත්කම පිළිබඳ ආදර්ශයක් සපයයි. මෙම වැඩසටහන රාජ්‍ය සේවාවන් වඩාත් සරල හා වේගවත් කර ඇත.