ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර , එහි වයස අවුරුදු 35 ට වැඩි ජ්‍යෙෂ්ඨ විවෘත අංශයෙන් තරග කර , තුන් වන ස්ථානය දිනා ගැනීමට පසුගිය (08) දින සමත් වී තිබුණි .
මෙම තරගාවලියේ මෙම අංශයට ලෝකයේ රටවල් 28 ක කායවර්ධන ශූරයින් සහභාගී වී සිටි අතර , එය ඉකුත් 10/08 දින ලාස් වේගාස් නුවර නෙවාඩා හෝටල් පරිශ්‍රයේ දී ( Nevada Hotel World Resort ) පවත්වා තිබුණි .
ජගත් ගුණසේකර මේ වනවිට කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක ආරක්ෂක නිලධාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටින අතර මෙම කායවර්ධන ක්‍රීඩාවේ ද නිරතවී සිටින්නෙකි.