රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය රජයට එකකින් රු.166ක ඉතිරියක්

වසර 28ක කාල­යක් පුරා පෞද්ග­ලික අංශ­යෙන් මුද්‍ර­ණය කළ රියැ­දුරු බල­පත් කාඩ්පත රජ­යෙන් මුද්‍ර­ණය කිරීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කරන බවත් එම­ඟින් එක් කාඩ්ප­ත­කින් රුපි­යල් 166ක මුද­ලක් රජ­යට ඉතිරි වන බවත් සභා­නා­යක, ප්‍රවා­හන හා මහා­මාර්ග ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

වසර විසි පහක් පුරා වාහන අංක තහඩු මුද්‍ර­ණය කර ඇත්තේ එකම ආය­ත­න­ය­කින් වන අතර දිගු කාලී­නව එකම සමා­ග­මක් අංක තහඩු මුද්‍ර­ණය කිරී­මෙන් ගැටලු රැසක් නිර්මා­ණය වී ඇති බවද හෙතෙම පැව­සීය.

අංක තහඩු මුද්‍ර­ණය සඳහා මේ වස­රේදී අලු­තින් කළ ටෙන්ඩර් කැඳ­වී­මට අනුව සමා­ගම් තුනක් ඉදි­රි­පත්ව සිටින අතර වාහන අංක තහඩු ලබා­දීමේ ක්‍රම­වේ­දයේ ප්‍රමා­ද­යක් තව­දු­ර­ටත් පව­තින බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඇමැති බිමල් රත්නා­යක මහතා මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

එහිදි වැඩි­දු­ර­ටත් ඇමැති බිමල් රත්නා­යක මහතා සඳ­හන් කළේ මේ වසරේ සැප්තැ­ම්බර් 30 වැනි දින වන විටත් වාහන අංක තහඩු 165,512 ලබාදී නැති බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

වාහන අංක තහඩු ලබා­දීම අපි සැල­සුම් කළාට වැඩිය ප්‍රමා­ද­යක් තියෙ­නවා. නව වාහන අංක තහ­ඩු­වල විශේෂ ආර­ක්ෂිත ලක්ෂණ 7ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 7 ලංකාවේ පරීක්ෂා කිරීම ගැන අපි භාර­දුන්නා මොර­ටුව සර­ස­වි­යට. ඔවුන් මාස තුනක වගේ කාල­යක් ගත්තා. ඒ වගේම ඔවුන්ට පරීක්ෂා කරන්න පුළු­වන් කියා ප්‍රකාශ කළේ එයින් 6ක් පම­ණයි. ඒ නිසා අපි 7 වෙනි එක පිළි­බඳ පරීක්ෂා කිරීම ජාත්‍ය­න්තර වශ­යෙන් කරන්න වෙලා තියෙ­නවා. ඒ නිසා තමයි මේ ප්‍රමා­දය වී තිබෙන්නේ. මේ වසරේ සැප්තැ­ම්බර් 30 වැනි දින වන විටත් වාහන අංක තහඩු 165,512 ලබාදී නැහැ. රියැ­දුරු බල­පත් මුද්‍ර­ණ­යත් වසර 28ක කාල­යක් තිස්සේ එකම කණ්ඩා­ය­මක් පම­ණයි කර තිබෙන්නේ. ඒ සම්බ­න්ධ­යෙන් දෙපා­ර්ත­මේ­න්තුව කිසිම දැනු­ම්වත් බවක් නෑ. ගෝඨා­භය රාජ­පක්ෂ හමු­දාව දාලත් කරන්න බැරි වුණා. නමුත් අපි අලුත් මැෂින් සවි­කර රියැ­දුරු බල­පත් මුද්‍ර­ණය පටන් ගන්නවා. දැනට අප සතුව කාඩ් ලක්ෂ අටක් තියෙ­නවා. ඒ ප්‍රමා­ණය අව­සන් වෙන්න කලින් තව ලක්ෂ දහ­යක් ගෙන්ව­නවා. මින් පෙර එක් කාඩ්ප­තක් මුද්‍ර­ණය කළේ රුපි­යල් 534.54කට. අපට මුද්‍ර­ණය කරන්න යන්නේ රුපි­යල් 368.16ක් පම­ණයි. එම­ඟින් එක් කාඩ්ප­ත­කින් රුපි­යල් 166ක් රජ­යට ඉතිරි වෙනවා යැයිද පැව­සීය.

ස්වර්ණා විජේ­කෝන්,

මහින්ද අලු­ත්ගෙ­දර,

සන්ධ්‍යා කරු­ණා­රත්න