පසුගිය රනිල් වික්‍රමසිංහ රජයෙන් මීට අවුරුදු දෙකකට පෙර අනුමත කළ ලීටර් 20ක ඉන්ධන දීමනාව මේ ආණ්ඩුව මංගල අයවැයෙන්ම කප්පාදු කළ බවත් එම දීමනාව මෙවර අයවැයෙන් ලබා දීමට කටයුතු නොකළොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජගත් චන්ද්‍ර ලාල් පවසනවා.
රට පුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් සියයට අනූ පහක්ම ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සහ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය යන සංගම් දෙකේ සමාජිකයන් බවත් එම සංගම් දෙකම ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹන බවත් ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක් වූ හෙතෙම මෙසේ ද පැවසීය.
“හදිසි මරණයක්, ආපදාවක් වුණත් රැයක් දවාලක් නැතිව අපිට යන්න වෙනවා. කොට්ඨාසයේ යම් යම් අවශ්‍යතා සඳහා ග්‍රාම නිධාරියාට අනිවාර්යයෙන් යන්න වෙනවා. ඒවගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් නිතර නිතර යන්න වෙනවා. දැන් ලැබෙන රුපියල් 600න් ඒ දේවල් කරන්න බෑ. ග්‍රාම නිලධාරීන්ට වෙලා තියෙන්නෙ පඩියෙන් තෙල් ගහගෙන රාජකාරි කරන්න.”