බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම 14% කින් වර්ධනය වී තිබෙනවා.
2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 5,837,351 දෙනෙකු හසුරුවා ඇති අතර, 2025 වර්ෂයේ පළමු මාස 08 තුළ එම අගය 6,630,728 ක් ලෙසයි සටහන් වන්නේ.
එය 2024 පළමු මාස 08 ට සාපේක්ෂව 13.59% ක වර්ධනයක් ලෙස සටහන් වෙනවා.
2025 පළමු මාස 08 තුළ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර, එම අගය 922,993 ක් වනවා.
ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම, නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.