හරක් කටාට විමංසාට චෝදනා ගොනු කරයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ කරුණාලියනගේ විමංසා සංදීපනි යන සැකකරුවන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (8) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කරනු ලැබුවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ,

අවිධිමත් විදේශ බලපත්‍ර උපයෝගී කරගනිමින් විදේශගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනුකරන ලෙස නීතිපති උපදෙස් ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළව වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයේද නඩු ගොනුකර තිබූ බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා එම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින බව සඳහන් කළ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ නදුන් චින්තක මේ වනවිට ත්‍රස්තවාදී පනත යටතේ වෙනත් සිද්ධියකට අදාළව රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන්ට ලබන 17 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළා.

රැදවුම් භාරයේ සිටින නදුන් චින්තක එදිනට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා.