අප්‍රිකාවේ බොට්ස්වානා ගේබරෝන් නුවරදී පැවති 21 වැනි ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාවට (Electoral Commission of the Year) හිමි සම්මානය මෙවර ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට හිමිව තිබේ.
එම සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙනුෙවන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් හිමි කරගෙන ඇත.
මෙම උලෙළ ඉකුත් 3 වැනිදා පැවැති අතර බොට්ස්වානා ස්වාධීන මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තු අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සම සත්කාරකත්වයෙන් සංවිධාන කර තිබිණි. පාර්ලිමේන්තු අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසින් ලොව සියලු රටවල මැතිවරණ කොමිෂන් සභා සහ ඒවායේ මැතිවරණ ක්‍රියාවලීන් දීර්ඝ ලෙස අධ්‍යයනය කර, සම්මාන සඳහා සුදුස්සන් තෝරාගැනීම සිදු කරනු ලැබේ.
යහපත් පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රජාවක් නිර්මාණය කිරීමට දරන උත්සාහය, මැතිවරණ ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන් නිවැරැදිව යොදාගැනීම, සාක්ෂි මත පදනම් වූ පර්යේෂණ සහ නව ප්‍රතිපත්ති එළිදැක්වීම යන නිර්නායක මත පදනම්ව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට මෙවර සම්මානය හිමිව තිබේ.
සුභාෂිණී සේනානායක