සතොස කහ-ලුණු-සීනි වෙළෙඳපොළට

සතොස වෙළෙ­ඳ­නා­මය යටතේ කහ, ලුණු සහ සීනි වෙළෙඳපොළට නිකුත් කිරී­මට ජාතික සමු­ප­කාර තොග වෙළෙඳ සංස්ථාව තීර­ණය කර ඇතැයි එහි සභා­පති කෝසල විල්බාව මහතා ‘දින­මිණ‘ට ඊයේ (07) පැවැ­සීය. මේ වන විට කහ සහ ලුණු ඇසු­රුම් කිරීම අරඹා ඇති අතර ජාතික සමු­ප­කාර තොග වෙළෙඳ සංස්ථා­වට සීනි මිලදී ගැනීමේ සාකච්ඡා සිදු­වෙ­මින් පව­තින බව ද ඒ මහතා කීවේය.

ඒ අනුව ඉතා කඩි­න­මින් ලංකා සතොස වෙළෙ­ඳ­සල් හරහා සතොස වෙළෙඳ නාමය යටතේ මෙම පාරි­භෝ­ගික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරී­මට සැක­සුම් සකස් වන වෙමින් පව­තින බව ද ඒ මහතා කීවේය.

පාරි­භෝ­ගික භාණ්ඩ වෙළෙ­ඳ­පොළ තුළ සුලභ කිරී­මත්, එම භාණ්ඩ අවම මිලක් යටතේ පාරි­භෝ­ගික ජන­තා­වට ලබා­දී­මත් යන රජයේ අර­මුණ සාක්ෂාත් කර ගැනීමේ අද­හස පෙර­දැ­රිව මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන බව ද ඒ මහතා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

රන්මලී සෝම­සිරි