ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්රීඩා කරන ක්රීඩකයින් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ දැනට ක්රීඩා කරන ක්රීඩකයින් මෙලෙස ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.
ඉන්දීය සංචිතගත හෝ IPL සඳහා ක්රීඩා කරන කිසිදු ඉන්දීය ක්රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්රිකට් ආයතනය අවසර ලබා නොදීම හේතුවෙන්, මීට පෙර ඉන්දීය ක්රිකට් ක්රීඩකයින්ට වෙනත් ලීග් තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබුණා.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාලසීමාවේ තරගාවලිය පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.