විදුලි වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තිය ක්රිියාමාර්ගයට සමගාමීව සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට (07) පස්වරුවේ සිට තවදුරටත් තීව්ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට දිනයේ සිට නතර කරන බවයි එම සංගමය සදහන් කළේ.
ඒ අනුව අමාත්‍යංශ නිලධාරීන් සමග සෘජු ලිපි හුවමාරුව, සාකච්ඡා සඳහා සහභාගී වීම, ආදියෙන් වැළකී සිටින අතර අමාත්‍යංශ නිලධාරීන් විසින් ලබාදෙන නියෝගවලට අනුගතව කටයුතු කිරීමෙන් ද වැළකී සිටිම ද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීම හමුවේ සිදුවනු ඇති.
කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවද ඔවුන් සදහන් කළා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ එම පනතට විරෝධය දක්වමින් විදුලි වෘත්තිය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය මස 04 වැනිදා සිටයි.
එමෙන්ම, පරිපාලන කටයුතු සහ රජය විසින් සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව හෙට නැගෙනහිර පළාතේ සියළු රෝහල් ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.