නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ WhatsApp අංකයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බව සඳහන් වේ.
ඒ අනුව, එම පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරන අතර එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසු විපරම් කරන බව පොලීසිය සඳහන් කරයි.
මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් 071- 8598888 යන WhatsApp අංකය හඳුන්වාදීම සිදු කළේ ය.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වෙතත් එම අංකයට ලැබෙන ඇතැම් පැමිණිලි පොලීසියට අදාළ ඒවා නොවන බවත් එමනිසා පැමිණිලි යොමු කිරීමේදි පොලීසියට අදාළ පැමිණිලි පමණක් යොමු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.