ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීහූ අසරණ වෙති

අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

එමෙන්ම, පඩිකාරමඩුව, මයිලගස්වැව, තම්මැන්නාගම යන ප්‍රදේශවල ගොවීන් ද මෙම ගැටළුව මුහුණදී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අස්වනු ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ද අඩු මුදලකට අලෙවි වන බවටයි ගොවීන් පෙන්වා දෙන්නේ.