ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, මේ වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අදාළ දළ එකතු කිරීම් සඳහා වන 15% ක බද්ද 18% දක්වා වැඩිකර තිබෙනවා.

එසේම, ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ගෙවිය යුතු කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් 100 දක්වා වැඩි කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින් ලබාගන්න.