වප් පුර පසළොස්වක පොහොය දිනයේ අද (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් අද දිනයේ චන්ද්‍රයා, දිස්වන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
මෙවැනි “සුපර් මූන්” ලෙස චන්ද්‍රයා දිස්වන අවස්ථා වසරකට කිහිප වරක් පමණක් දැක ගත හැකියි.
ඉලිප්සාකාර කක්ෂයේ දී චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවන බවයි ආතර් සී ක්ලාක් ආයතනය පෙන්වා දෙන්නේ.
මේ අතර අද පුර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බවයි සඳන් වන්නේ.