ජොර්ජියාවේ නගරසභා මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලැබූ බවට පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය නිවේදනය කිරීමත් සමඟ එරට රජයට එරෙහි විරෝධතා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලක පක්ෂය ඡන්ද දුෂණ සිදු කරන බවට චෝදනා කරමින් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකක් ද මැතිවරණය වර්ජනය කළ බව වාර්තා වේ. පෙරේදා පැවති නගර සභා මැතිවරණයේදී පාලක පක්ෂය 80%ක ජයක් වාර්තා කළ බව ප්‍රකාශ කර ඇති අතර, එම මැතිවරණය දූෂිත බවට චෝදනා කරමින් එම විරෝධතාව ආරම්භ වූ බව වාර්තා වේ. මැතිවරණයෙන් පසු විරෝධතාකරුවන් ටිබිලිස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට කඩා වැදීමට උත්සාහ කර ඇතැයි ද වාර්තා වේ. විරෝධතාකරුවන් මැඬ පැවැත්වීමට එරට කැරලි මර්දන පොලීසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලට අමතරව ගම්මිරිස් භාවිත කර ඇති අතර, ඉන් කෝපයට පත් විරෝධතාකරුවන් ප්රචණ්ඩ ලෙස හැසිරෙමින් පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ගැටුම්වලින් පසු විරෝධතාකරුවන් පස්දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, පොලිස් නිලධාරින් ඇතුළු 21 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.








