කීරි සම්බා හිඟය යළිත් ඔඩු දුවයි

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑම බව ගොවි සංවිධාන නියෝජිතයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ආණ්ඩුව යටපත් කර අයුතු ලාභයක් ඉපයීමට සූදානම් වන බවයි.

ප්‍රමාණවත් සහල් සංචිතයක් රජය සතුව නොමැති වීම හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට රට තුළ සහල් හිඟයක් මතු වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනය පසුගියදා පෙන්වා දුන්නා.

වෙළඳපොළ තුළ පවතින කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ද ඊයේ ප්‍රතිචාර දැක්වුවා.

මෙවන් පසුබිමක ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිම සහල් හිඟයක් මවාපාමින් අයුතු ලාභයක් ඉපයීමට උත්සාහ දරන බවයි.