එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මහත්මා ගාන්ධිතුමාගේ 156 වැනි ජන්ම දින සැමරුම් විශේෂ උත්සවයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1869 ඔක්තෝබර් 2 වැනිදා උපත ලැබූ අවිහිංසාවාදයේ පියා ලෙස සැලෙකන මහත්මා ගාන්ධිගේ ජන්ම දිනය යෙදී ඇති ඔක්තෝබර් 2 වැනිදා ජාත්‍යන්තර අවිහිංසා දිනය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත්තේ මීට වසර 19කට පෙර බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පසුගිය 2 වැනිදා එම සැමරුම් උත්සවය පවත්වා ඇත්තේ අවිහිංසාවාදී මුලධර්ම හරහා මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීමට එය භාවිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් බවත්, අවිහිංසාවාදී මූලධර්ම මත අධ්‍යාපනය තුළින් ජාත්‍යන්තර අවිහිංසාවාදී සැමරුම- මානව හිමිකම් උල්ලංඝනයන් සහ වැළැක්වීම තේමාව යටතේ උත්සවය පැවති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉරාන ජාතික නොබෙල් ත්‍යාගලාභී ෂිරීන් ඉබෝඩ් විසින් 2004 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව ඔක්තෝබර් 2 වැනිදා ජාත්‍යන්තර අවිහිංසා දිනය ලෙස ප්‍රකා








