නාසා වැඩ ගොඩක් නවතියි – 15000ක් ගෙදර යවයි

නාසා ආයතනයේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම අත්හිටුවා තිබෙනවා.

දින දෙකක සිට නාසා වෙබ් අඩවිය මෙලෙස වසා දමා ඇත්‍තේ අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දැමීමට අමෙරිකානු රජය ගත් තීන්දුවකට අනුවයි.

රජයේ කටයුතු ඇනහිටීම් සහ දැඩි අයවැය කප්පාදු මධ්‍යයේ නාසා ආයතනයේ සේවකයන් 15,000 ක් පමණ නිවෙස්වලට යවා තිබෙනවා. බොහෝ වැඩකටයුතු ද නවතා දමා තිබෙන බව සඳහන්.

කෙසේවෙතත්, ‘ආර්ටෙමිස්’ වැඩසටහන අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සලකා එය ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවයි නාසා වාර්තාවලින් පෙනී යන්නේ.

ආර්ටෙමිස් වැඩසටහන පසුගිය දශක 05 තුළ පළමු වරට ගගනගාමීන් සඳ මතුපිටට යැවීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනක්. අයවැය කප්පාදු මධ්‍යයේ වුවත් මෙම වැඩසටහව සම්පූර්ණයෙන්ම ඉදිරියට ගෙන යාමටයි රජය තීරණය කර ඇත්තේ.

චීනයට වඩා ඉදිරියෙන් සඳට ළඟා වීමජාතික ආරක්ෂක අත්‍යවශ්‍යතාවයක්ලෙස නාසා නායකත්වය සහ ද්වි-පක්ෂ නීති සම්පාදක කණ්ඩායමක් විසින් සලකා තිබීම මීට හේතුවයි.

වැඩකටයුතු ඇනහිටීමට පෙර, නාසා ආයතනයේ වැඩබලන පරිපාලක සීන් ඩෆී පවසා තිබු‍ණේචීනය හොඳ චේතනාවෙන් සඳට යන්නේ නැති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “ඇමරිකාව මුලින්ම එහි ළඟා වී, එක්සත් ජනපදය සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් යන දෙඅංශය සඳහාම සාමය ආරක්ෂා කරනු ඇති” බවයි.

නාසා වෙබ් අඩවියේ මෑතකදී පළ කරන ලද ලේඛනයකට අනුව, මෙම වැඩසටහන සේවකයන්3,000 කට වැඩි පිරිසක්රජයේ වැඩකටයුතු ඇනහිටීම අතරතුර ද සේවයට පැමිණෙනවා.

මෙය පෙර පැවති සැලැස්මකට වඩා පුද්ගලයන් 2,000 කින් වැඩි සංඛ්‍යාවක්.

පවතින වැඩකටයුතු බොහොමයක් ආර්ටෙමිස්-II වටා කේන්ද්‍රගත වී  තිබෙනවා.

 එය සඳ වටා යන මිනිසුන් සහිත පරීක්ෂණ පියාසැරියක්.

ලබන පෙබරවාරියේ එය ගුවන්ගත කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු පැහැදිලිවම ආරක්ෂාවට ඉතා තීරණාත්මක බව නාසා ආයතනයේ වැඩබලන නියෝජ්‍ය ආශ්‍රිත පරිපාලක ලකීෂා හෝකින්ස්  පැවසුවා.

 වැඩකටයුතු ඇනහිටියත් ආර්ටෙමිස්-II ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළා.

කෙසේ වෙතත්, ඩොලර් බිලියන 100 ක් පමණ වැයවන ආර්ටෙමිස් වැඩසටහන අයවැය ඉක්මවා ගොස් තිබෙනවා.

එහෙත් එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ සකස් කළ නියමිත කාලසටහනට වඩා පිටුපසින් පවතින බව ද සඳහන්.

මේ අතර, ෆෙඩරල් අයවැය පිළිබඳ මතභේදය මධ්‍යයේ, ධවල මන්දිරයෙන් ෆෙඩරල් සේවකයින් විශාල වශයෙන් සේවයෙන් පහ කිරීමට පොළඹවා තිබෙනවා.

එමෙන්මඩොලර් බිලියන ගණනක මහජන අරමුදල් නතර කිරීමට යෝජනා කර ඇති බව ද සඳහන්.

රැකියා අහිමිවීම් දැනටමත් නාසා ආයතනයට බලපා තිබෙන අතර, සේවකයන්4,000 ක් පමණපරිපාලනයෙන් කල් දැමූ ඉල්ලා අස්වීමේ දීමනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එමඟින් ආයතනයේ ශ්‍රම බලකාය20% කට වඩාඅඩු වී ඇති බවයි නාසා විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.