වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබෙනවා.
වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කථින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනයයි.
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩමවීම අද වැනි පොහෝ දිනක සිදුව ඇති අතර මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම සහ විවරණ ලැබීම ද අද වැනි පොහොය දිනක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
සංඝමිත්තා තෙරණිය සහ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවීම සඳහා අරිට්ට අමාත්‍යවරයා දඹදිවට පිටත්ව යාම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනකයි.
වප් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල අද නිරත වනවා.








