එ.ජා. මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී මහත්මා ගාන්ධි ජන්ම දිනය සම­රයි

එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී මහත්මා ගාන්ධි­තු­මාගේ 156 වැනි ජන්ම දින සැම­රුම් විශේෂ උත්ස­ව­යක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1869 ඔක්තෝ­බර් 2 වැනිදා උපත ලැබූ අවි­හිං­සා­වා­දයේ පියා ලෙස සැලෙ­කන මහත්මා ගාන්ධිගේ ජන්ම දිනය යෙදී ඇති ඔක්තෝ­බර් 2 වැනිදා ජාත්‍ය­න්තර අවි­හිංසා දිනය ලෙස නම් කිරී­මට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය පිය­වර ගෙන ඇත්තේ මීට වසර 19කට පෙර බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ස්විට්ස­ර්ල­න්තයේ ජිනීවා නුවර පසු­ගිය 2 වැනිදා එම සැම­රුම් උත්ස­වය පවත්වා ඇත්තේ අවි­හිං­සා­වාදී මුල­ධර්ම හරහා මානව හිමි­කම් උල්ලං­ඝ­න­යන් වැළැ­ක්වී­මට එය භාවිත කිරීමේ අව­ශ්‍ය­තාව අව­ධා­ර­ණය කර­මින් බවත්, අවි­හිං­සා­වාදී මූල­ධර්ම මත අධ්‍යා­ප­නය තුළින් ජාත්‍ය­න්තර අවි­හිං­සා­වාදී සැම­රුම- මානව හිමි­කම් උල්ලං­ඝ­න­යන් සහ වැළැ­ක්වීම තේමාව යටතේ උත්ස­වය පැවති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ඉරාන ජාතික නොබෙල් ත්‍යාග­ලාභී ෂිරීන් ඉබෝඩ් විසින් 2004 වස­රේදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට ඉදි­රි­පත් කරනු ලැබූ යෝජ­නා­ව­කට අනුව ඔක්තෝ­බර් 2 වැනිදා ජාත්‍ය­න්තර අවි­හිංසා දිනය ලෙස ප්‍රකා