ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සදහන් කරයි.
අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව පැවසුවාය. එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් පවතින බව ඇය කියා සිටියාය.
ආර්ථික අර්බුදයෙන් පසු මුල්වරට මෙර ආර්ථික වර්ධනය සියයට 05 ඉක්මවා ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. උද්ධමනය අඩුවීම සහ රාජ්‍ය ආදායම රැස්කිරීම වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කිරීම ඉතා යහපත් ප්‍රවණතා බව ජුලි කොසෑක් මහත්මිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචිත ඉහළ මට්ටකට ලඟා වී ඇති බවද එහිදී සදහන් කෙරුණි. ආදායම් දළ දේශීය අනුපාතිකය සියයට 8.2 සිට සියයට 13.5ක් දක්වා වර්ධනය වීම ද බෙහෙවින් සාධනීය ලක්ෂණයක් බව ජුලි කොසෑක් මහත්මිය සදහන් කළාය.
අයිඑම්එෆ් විස්තීරණ මූල්‍ය පහසුකමේ පස්වැනි සමාලෝචනය සඳහා එම නියෝජිතයන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇය කීය. එහි කාලවකවානු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.