ශ්‍රී ලංකා දූත පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සම්මේලනයට

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට (CPC) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් අද (05) බාබඩෝස් බලා පිටත්ව යෑමට නියමිතව සිටිනවා.

ඔක්තෝබර් 5 සිට 12 දක්වා පැවැත්වෙන මෙම සම්මේලනයේදී ගෝලීය වශයෙන් වැදගත් වන දේශපාලන සහ පාර්ලිමේන්තු ගැටලු සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරනු ලබන්නේ, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිනියවන අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්.

දූත පිරිසට මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ නීතිඥ සාගරිකා අතාවුද අතුළු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එක්වනු ඇති බව සඳහන්.

මෙම පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද ඇතුළත්ව සිටිනවා.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මේලනයක්.