ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් (Crypto Currencies) සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇත.
මෙම අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට ලිපියක්ද යොමුකර ඇති බව සඳහන්වේ.
මෙම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන්ද එකඟතාවය ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.
ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කරන පාර්ශව ඒවා භාවිතයේ ඇති පහසුව සහ ලාභදායි බව නිරන්තරයෙන් උපුටා දැක්වුවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයින්ට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන් ම පාරිභෝගික ආරක්ෂණ ගැටලු පිළිබඳව පෙන්වා දී තිබුණි.
මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමග මෙම අවදානම් සහ ගැටලු නැවතත් තහවුරු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.