වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනාව මත අයිස් මත්ද්‍රව්‍යද සමඟ සැකකරුවෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
මෙම සැකකරු 40 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙක්.
වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස 6 වනදා කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට මොහු තැත් කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.