උසස් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු, උසස්වීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට බලය පැවරෙන ගැසට් නිවේදනයක් කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
බොහෝ දුරට ඉදිරි සතියේදී එය නිකුත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ උසස්වීම් සම්බන්ධයෙන් මෙතෙක් බලතල පැවතියේ පොලිස් කොමිසමට වන අතර ඒ අනුව එය මින් ඉදිරියේදී පොලිස්පතිවරයා වෙත පැවරෙනු ඇති.