ඇල්පිටිය පොලිස් වසමේ ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට ඊයේ (04) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
නාදුන්න පුද්ගලයකු විසින් එම නිවසේ ජනේලයකට වෙඩි තබා ඇත
එම අවස්ථාවේ නිවෙස් හිමියන් නිවස තුළ සිට ඇත.
වෙඩි තැබූ අය යතුරුපැදියකින් පලා ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධව නිශ්චිත තොරතුරක් අනාවරණය නොවන අතර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පොලිසිය වෙත දැනුම් දීම සම්බන්ධව මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.
ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි