ඇල්පිටිය පොලිස් වසමේ ඉහළ ඕමත්ත ප්රදේශයේ නිවසකට ඊයේ (04) රාත්රියේ සිදුව ඇත්තේ වෙඩි තැබීමක් නොවන බවට පොලිස් මූලස්ථානය පවසනවා.
මෙය බටයක් වැනි යමකට වෙඩි බෙහෙත් සහ ගල්කැට යොදා (ඩප්පියක්) සකස් කර එය දමා ගැසීමෙන් පසු පුපුරා යාමෙන් සිදු වූ හානියක් බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් ඇල්පිටිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී මෙය වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ හානි කිරීමක් නොවන බවට හෙළිවූ බවද පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
මෙම සිදුවීමෙන් එම නිවෙසේ ඉදිරිපස ඇති ජනේලයක වීදුරු බිදී ගොස් එහි තිබූ උපකරණ කිහිපයකට හානි සිදුව ඇති බවට ඇල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ඇල්පිටිය පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව ද පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර ස්ථානයෙන් හමු වූ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතව ඇතැයිද පොලිසිය සඳහන් කරනවා.








