2025 වසරේ මාස නමයක් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත්අඩංගුවට – පොලිසිය

2025 වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1248 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසනවා.

එම කාලය තුළ දී අයිස් කිලෝග්‍රෑම් 1852 ක්ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලිසිය විසින් දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ඉහළ නිළධාරින් රැසකගේ දුරකථන අංක මහජනයා වෙත හඳුන්වා දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජනතාව ලබාදෙන සියළුම තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කිරිමට කටයුතු කරන බවයි පොලිසිය අවධාරණය කර සිටින්නේ.