ගම්පහ මිනුවන්ගොඩ පාරේ වීදියවත්ත හන්දියේ අද 04 පෙ.ව. 11.15ට පමණ සිදු වූ රිය අනතුරකින් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ වේගයෙන් පැමිණි ලොරි රථයක් පාසල් සිසුවා යට කරගෙන මෝටර් රථයක සහ ත්‍රීවිල් රථයක ගැටී නතර වූ බවයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථයේ හිස් බියර් කෑන් එකක් තිබූ බවද ප්‍රදේශවාසීන් කියාසිටියා.
සිද්ධියෙන් අනතුරුව එම ස්ථානයෙන් පලාගිය රියැදුරු ගම්පහ පොලිසියට භාරවී තිබෙනවා.
ගම්පහ පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.