අපරාධවලට සෘජුවම සම්බන්ධ 21ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනය පුරා සිදුකළ මෙහෙයුම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හදුනාගත් පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම මෙහිදී දින වරෙන්තුකරුවන් 276 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 173 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

එම මෙහෙයුමේදී පුද්ගලයන් 27,727 දෙනෙකු පරික්ෂාවට ලක්කර ඇති අතර 631 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.