අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යූ එස් එස් ෆිට්ස්ජෙරල්ඩ් නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මෙරට නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙලෙස ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණි මෙම නෞකාව, දිගින් මීටර් 154කින් යුක්ත වනවා.
එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාණ්ඩර් පෝල් රිචඩ්සන් කටයුතු කරනු ලබන අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.