නොවැම්බර් 01දා සිට ෂොපිං බෑග් නොමිලේ නැහැ: ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස 01 වැනිදා සිට නොමිලේ ලබාදීම නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නෙදෙන ෂොපින් බෑග් ඇතුළු බහාලුම් මලු සඳහා පාර්භෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ 10(1) ආ 2 වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් මලු සදහා අයකරනු ලබන මිල වෙළදුන් විසින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම, ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ එස් එල් එස් සහතිකය නොමැතිව නිෂ්පාදන, ඇසිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම අත්හිටුවමින් ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය ලබන වසරේ අප්‍රේල් මස පළමු වනදා සිට බලපැවැත්වෙනු ඇති ඒ අනුව දියරමය පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබා දීම සදහා ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් මෙම ප්‍රමිති පිරිවිතරවලින් අනාවරණය කෙරෙනවා.

මේ අතර, අධිවේගී මාර්ගවල වාහනවල රියදුරන් සහ සියලු‍ම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය මස පළමු වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු‍ම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලු‍ම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා කියා සිටියේ.

එමෙන්ම, ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

එම ගැසට් නිවේදනය මෙතැනින්