කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක් කරන බව පොලිසිය පවසයි.
එම මෙහෙයුමට , නාවික හමුදා කිම්දුම් කණ්ඩායම් 6 ක් සහභාගි වනු ඇත.
එම ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟ, මෙම අභ්‍යන්තර මෙහෙයුම සිදු කිරිමට තීරණය කර තිබේ.
දින දෙකක් තුළ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි කතරගම වෙහෙරගල ජලාශයේ තිබී ටි 56 හිස් මැගසින් 215ක්, එල් එම් ජී ඩ්‍රම් මැගසින් 38 ක්, එම් .පී එම් ජී 200 මැගසින් 11 ක් , එම් පී එම් ජී 100 මැගසින් 9 ක් , ටී 81 මැගසින් 6 ක් සහ 12.7 ගුවන් යානා නාශක අවි වලට යොදන 100 ඩ්‍රම්ස් එකක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.