පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ
මෙම භූමිකම්පාව ඇති වූ අතර එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් විය.
භූ කම්පනය ඇතිවීමෙන් පසු සෙබු නගරයේ විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදුවිය.
මේ වනවිට තැන් තැන්වල මාර්ග ඉරිතලා ඇති අතර, පාලම් සහ මාර්ගවලටද දැඩි අලාභහානි සිදුව ඇත.
එරට බලධාරීන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම් මෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු තවමත් සිදුකරමින් සිටියි.