ළමයින්ට ශාරීරික දඬුවම් දීම ගැන නීති සංශෝධනයෙන් පසු පාසල්වලට නව උපදෙස්

ළමයින්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධයෙන් වූ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය සඳහා වන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව, ඒ සඳහා ලබා දිය යුතු උපදෙස් හෝ මාර්ගෝපදේශ පාසල් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.