තමන් මාස පහකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා.
ඌරු පැටව් ඇති කිරීමේදී පවා, ඌරු පැටියෙක් ඇති කරන ක්‍රමයක් ඇති බවත්, එයට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණයක් පවතින බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඌරු පැටව්, මාළු සැමන් ‘පැක්’ කරනවාට වඩා වැඩි ප්‍රමාණයකට අද වන විට බන්ධනාගාරවල සිටින සිරකරුවන් විශාල ලෙස වැඩි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
වතුර ටිකක්, කෑම ටිකක් පවා නොමැති බවත්, සිරකරුවන්ට කුෂ්ඨ හටගෙන ඇති බවත්, එම මිනිසුන් සම්බන්ධයෙන් සොයා බලා අහිංසක තරුණ ජීවිතවලට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.