ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
“ආදරෙන් සුරකින්න – අපිට ලොව දිනන්නට“ යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය පැවැත්වෙන අතර, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ්ගේ ප්රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්රියාත්මක කර තිබුණා.
මේ අතර, “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු“ තේමාවෙන් මෙවර ලෝක වැඩිහිටි දිනය සමරන අතර, වැඩිහිටි දින සැමරුම් උත්සවය හා ශ්රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්රතිපත්තිය එළිදැක්වීම අග්රාමාත්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.