ඔක්තෝම්බර් මාසයට අදාළව, ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.
ඒ අනුව, කිලෝග්රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100 ක් වන අතර, කිලෝග්රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක මිලකට අලෙවි වන බවයි සඳහන් වෙන්නේ.
මේ අතර, මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලේද වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.
ඒ අනුව, ලිට්රෝ ගෑස් සමාගමේ කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් වන අතර, කිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 හා කිලෝග්රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් ලෙස අලෙවි වන බවයි සඳහන් වෙන්නේ.