මන­ම්පේරි මහි­න්දගේ ආර­ක්ෂක ලෙස ඉද්දී සහල් ලොරි­යක් කොල්ලකාලා

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ අයිස් කන්ටේ­නර් දෙකක් සඟවා තබා­ගැ­නීමේ සිද්ධියේ සැක­ක­රු­වකු වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පළාත් පාලන අපේ­ක්ෂක සම්පත් මන­ම්පේරි නමැත්තා මෙයට අවු­රුදු 16කට පෙර ද්‍රවිඩ ව්‍යාපා­රි­ක­යකු බිය­ගන්වා සහල් ලොරි­යක් කොල්ල­කෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (30) වරෙන්තු නිකුත් කළේය. කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශාන්ත ගොඩ­වෙල මහතා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ විත්ති­කරු වෙනු­වෙන් නීතිඥ කල්ප පෙරේරා මහතා කරුණු දක්ව­මින් සිය සේවා­දා­ය­කයා රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බව දන්වා සිටි­යේය. ඒ අනුව චුදිත පිළි­බඳ වාර්තා­වක් සප­යන ලෙස මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියෝග කළේය.

නඩුවේ 4 වැනි විත්ති­කරු වන නෙරං­ජන් පෙරේරා නමැත්තා ද ඊයේ (30) නඩු විභා­ග­යට ඉදි­රි­පත් නොවූ අතර, ඔහු වෙනු­වෙන් නීතිඥ රාහුල් ජය­ති­ලක මහතා කරුණු දැක්වීය. සිය සේවා­දා­ය­කයා අයිස් මත්ද්‍රව්‍ය සන්ත­කයේ තබා ගැනීමේ සිද්ධි­ය­කට මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බව නීති­ඥ­ව­රයා දන්වා සිටි­යේය. විත්ති­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා නියෝග කළේය.

මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති ධුරයේ කට­යුතු කළ සමයේ සම්පත් මන­ම්පේරි නමැත්තා ජනා­ධි­පති ආර­ක්ෂක අංශ­යට අනු­යුක්ත කොස්තා­ප­ල්ව­ර­යකු ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ මෙහෙ­ය­වීම යටතේ එව­කට අග­මැති ආර­ක්ෂක අංශයේ සේවය කළ හිටපු පොලිස් කොස්තා­පල් ඉන්දික දළ­දා­වත්ත ඇතුළු හිටපු පොලිස් නිල­ධා­රීන් පිරි­සක් මෙම කොල්ල­කෑම කර ඇත.

විත්ති­ක­රු­වන් 2009 වසරේ අගෝස්තු මස 12දා නාර­හේ­න්පිට මංස­න්ධිය ආස­න්නයේ දී පොලිස් නිල­ධා­රීන් ලෙස පෙනී සිට නැඟෙ­න­හිර පළාතේ සිට කොළ­ඹට සහල් ගෙන්වීම කළ සෙල්ව­දො­රෙයි කොළ­වෙ­න්නා­දන් නමැති ද්‍රවිඩ ව්‍යාපා­රි­කයා බිය­ගන්වා සහල් ලොරි­යක් හා ඔහු සන්ත­කයේ තිබුණු මුදල් හා ජංගම දුර­ක­ත­නය කොල්ලකා තිබේ.

නීති­ප­ති­ව­රයා විසින් දණ්ඩ නීති සංග්‍ර­හයේ 14 වැනි වග­න්තිය යටතේ අධි­චෝ­දනා 7ක් යටතේ නඩු පවරා ඇත. විත්ති­ක­රු­වන් කොල්ලකා ඇති සහල් ලොරියේ වටි­නා­කම රුපි­යල් ලක්ෂ 10කට ආසන්න වේ.

විත්ති­ක­රු­වන් කොල්ල­කෑමේ පොදු අර­මු­ණින්, නීති විරෝධී රැස්වී­මක සාමා­ජි­ක­යන් ලෙස ක්‍රියා­කි­රීම ඇතුළු චෝදනා යටතේ විත්ති­ක­රු­වන් 4 දෙන­කුට එරෙ­හිව චෝදනා ගොනු­කර ඇත.

එම විත්ති­ක­රු­වන් මෙයට පෙර ද අවස්ථා කිහි­ප­ය­කදී ද්‍රවිඩ ව්‍යාපා­රි­ක­යන් බිය­ගන්වා කොල්ලකෑ බවට චෝදනා එල්ලවී ඇත. එමෙන්ම සම්පත් මන­ම්පේරි ජනා­ධි­පති ආර­ක්ෂක අංශයේ සේවය කළ සමයේ දී හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී නඩ­රාජා රවි­රාජ් ඝාත­නයේ සැක­ක­රු­වකු ලෙස ද අත්අ­ඩං­ගු­වට ගැනුණි.

චන්දන ජය­වීර