ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද, අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ නමැති අපරාධකරු අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහුව පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
2024 ඔක්තෝම්බර් 16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබුණු ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස ඔහු කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.