හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලාභ ලැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
එමෙන්ම එය අද කුණුකොල්ලයට ඉන්දියාවට විකිණීමට සූදානම්වන බවයි ඔහු පැවසුවේ.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) හිරු සලකුණ වැඩසටහන සමග එක්වෙමින්,
එහිදී ඔහු මෙසේද සඳහන් කළා,
”ආර්ථික අර්බුදය අංක එක. මේ රටේ මිනිස්සු දුක් විඳිනවා ජීවත් වෙන්න විදියක් නැතුව. වතුර ටික කපනවා. නාගන්න විදිහක් නෑ. වැසිකිළියට ගිහිල්ලා පස්ස පැත්ත හෝදගන්න විදිහක් නෑ. විදුලිය කපනවා බිල එහෙට මෙහෙට යන්තම් පැන්න ගමන්. මේ රටේ මිනිස්සු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව හූල්ලනවා.
ලක්ෂ ගාණක් ඒ වදවේදනා විඳිනවා. මෙහෙන් රාජ්‍ය ආයතන තියෙන ඒවා කුණු කොල්ලෙට විකුණන්න ලෑස්ති වෙනවා. මේ ඔක්කොම වෙද්දි අර සෙවනගල ලාභ ලැබුවා ගෝඨාභය ආණ්ඩු කාලේ. අද තුට්ටු දෙකට ඉන්දියාවට විකුණන්න ලැහැස්ති වෙනවා.
එතකොට මේ ඔක්කොම වෙද්දි මේ පීඩාවෙන් පීඩාවට මහා ජන සමාජය ඇදගෙන ගොදුරු වෙලා තියෙද්දි මධ්‍යම පන්තිය මේ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටිලා තියෙද්දි ඔලුව උස්ස ගන්න බැරි තත්ත්වෙකට පත් කරලා තියෙද්දි බදු පිට බදු ගහලා මිනිස්සුන්ව ජීවත් වෙන්න විදිහක් නැති කරලා තියෙද්දි ඒවට උත්තර දෙන්නේ නැතුව, ඒවට උත්තර හොයන් නැතුව මේ නිකන්, බලය ගත්තේ ඕවා කියලා. මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ ගන්නවා. අගමැතිකමයි, කැබිනට් මණ්ඩලේ දුන්නොත් මාස හයෙන් රට ගොඩදානවා කියලා කිව්වේ. කිව්වේ නැද්ද? කෝ ඒවා? දැන් මේ වෙන මොකද්ද වලිගයක් අල්ලගෙන ඒගොල්ලෝ මේ එළියට දාලා ඒගොල්ලොම අල්ල අල්ල ඉන්නවා.”